Paparasi News Lanka

Underground News from Sri Lanka

Advertisements

Gossip Lanka

Email to Editor

Latest Galleries

Followers

...මෙහි පලව ඇති වෙළද දැන්වීම් නැවත අලුත් නොකරන බව කරුණාවෙන් සලකන්න...

උතුරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම සැප්තැම්බර් මාසයේදී - ජනාධිපති

උතුරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැලිඔය සම්පත් මධ්‍යස්ථානයේ දී අද (20) ප්‍රකාශ කෙළේය.

වැලිඔය ජනපදයේ ගොවීන්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

ජනපදයේ පවුල් දහසකට වැඩි සංඛ්‍යාවකට ඉඩම් ඔප්පු ලබා දෙන අතර සංකේතාත්මක වශයෙන් ජනාධිපතිවරයා විසින් පවුල් හතළිහකට ඉඩම් ඔප්පු බෙදා දෙන ලදී.
උතුරේ පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ පවත්වන බවත් ඒ සඳහා නැකත් හදා ඇති බවත් ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කෙළේය.‘මගේ ජ්‍යොතිශාත්‍රාඥයන් මට හදා දෙන්නේ දිනන වේලාවන් යැයි ද ජනපති මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

1987 පළාත් සභා පිහිටුවීමෙන් පසු උතුරුට ඡන්දයක් පවත්වන ප්‍රථම අවස්ථාව මේ වසරයි...විදුලි බිල ගැන සඳහන් කරමින් ජනපති පැවැසුයේ සිගරැට් මිල වැඩිකළ විට කිසිවක් නොකියන අය විදුලි බිල වැඩිවු විට මැසිවිලි නඟන බවයි. සිගරැට් මිල වැඩි කළත් විකිණීමේ අඩුවක් නැතැයි ජනපති සඳහන් කෙළේය.

_________________________________________________________
©2008-2012 Paparasi News Lanka  Email : adsnjayawardana@gmail.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.

Advertisements

Breaking News

Advertisements

Stats

Top Chart

SETTdeco