Paparasi News Lanka

Underground News from Sri Lanka

Advertisements

Gossip Lanka

Email to Editor

Latest Galleries

Followers

...මෙහි පලව ඇති වෙළද දැන්වීම් නැවත අලුත් නොකරන බව කරුණාවෙන් සලකන්න...

හිරුණිකාගේ CCTV වීඩියෝව..

තිලංගට මඩ ගහපු හිරු මාධ්‍ය ජාලය දැන් හිරුණිකාගේ හැව ගැලවීමට සුදානම් වේ..

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියට (19) පොලිස් ඇප ලබාදුන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති  ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බී.එම්.ඒ. බණ්ඩාරණයක මහතාට ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි වාර්තා වේ...

හිරුණිකාට මෙසේ ඇප ලබාදුන්නේ බොරැල්ලේ, කිංසි පාරේ  අංක 175 දරන ස්ථානයේ පිහිටි කඩකාමරයක සිටි පිරිසක් බලහත්කාරයෙන් එළියට ඇද දැමීමට ගත් උත්සාහයක් නිසා ඇය බොරැල්ල පොලිසියේ අත්අඩංගුවට පත්වීම නිසාය.
අදාල සිද්ධියට හේතුවූ ඉඩම් ආරවුල පිළිබඳ අලූත්කඬේ අංක 2 අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී මෙම ඇප ලබාදීම සිදුකර තිබිනි.

බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අවිස්සාවේල්ලට මාරු කර ඇත..මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව සිදු කෙරුණ ස්ථාන මාරුවීමක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අලූත්කඩේ අංක 2 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුලූ පිරිසට දැනුම්දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

ඇය එම ව්‍යාපාරික ස්ථානයට පැමිනෙන අයුරු එහි වූ ආරක්ෂිත කැමරා වල සටහන්ව තිබූ අතර එය හිරු පුවත් වලින් විකාශය කෙරුණා.

ඊට පැය කිහිපයකට පෙර එය පෙන්වන බවට ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ "හිරුණිකාගේ හැව ගැලවේ" යනුවෙන් දර්ශනය වූ අතර එහි ප්‍රතිචාර ලෙස බොහෝ දෙනෙකු සඳහ කර තිබුනේ හිරුණිකාගේ පුවත් සඳහා පාඨකයින් ලබාදෙන ප්‍රතිචාර ඔවුන් මකා දමන බවයි.

හිරුණිකාගේ වීඩියෝව පහතින්...



හිරු ෆේස්බුක් පිටුවේ ඔවුනට චෝදනා එල්ලකර තිබූ අයුරු පහතින් නරබන්න ..ඉන් පැය කිහිපයකට පසු එම පුවතට දක්වා තිබු අදහස් සියල්ල ඔවුන් විසින් ඉවත් කර තිබුනා...



_________________________________________________________
©2008-2012 Paparasi News Lanka  Email : adsnjayawardana@gmail.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.

Advertisements

Breaking News

Advertisements

Stats

Top Chart

SETTdeco